මන්ත්‍රීවරුන්ට පාඩම් කියා දෙන්න ගිය දිනයේ වෙනසක්


“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම” යන මැයෙන් 2022 ‍අගෝස්තු 30 අඟහරුවාදා ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සංවාදමය කථිකාව, නොවැළැක්විය හැකි හේතුවක් මත එදින නොපැවැත්වෙන බවත් එම වැඩසටහන 2022 ‍අගෝස්තු 31 බදාදා ප.ව 2.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (29) නිවේදනය කළේය.

පාර්ලිමේන්තු විවාදයන්හිදී, මූල්‍යමය කාරණා සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ක්‍රියාකාරි සහභාගිත්වය තහවුරු කිරීම සහ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික මඟ පිළිබඳ ඵලදායී කථිකාවක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙහෙයවීමට නියමිතය.



Recommended Articles