මන්ත්‍රීවරුන්ට 121ට ඩීසල් දීම පාහර තුච්ච වැඩක්


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නාරාහේන්පිට පොලිස් රථවාහන කොට්ඨාසය හරහා අඩු මිලට ඉන්ධන ලබාදීම පහත් වැඩක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා  පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“මන්ත්‍රීවරුන්ට රුපියල් 121ට ඩිසල් දෙනවා කියන්නේ මේක මහ පජාත වැඩක්. මගෙ බල්ලෙක්වත් එතනින් ඩීසල් අරගෙනත් නෑ, ගන්නෙත් නෑ. ඔය පුටුවේ වාඩි වෙලා හිටපු කරූ ජයසූරිය මහත්තයා මන්ත්‍රීවරුන්ට දෙන්නේ කල්කිරි එහෙම නැත්නම් ප්‍රේෂ් මිල්ක් මන්ත්‍රීවරු බය වෙන්න එපා කියපු දවසේ මම පාර්ලිමේන්තුවෙන් තේ එකත් බොන එකත් නැවැත්තුවා මොකද එළියේ මිනිස්සුන්ට වහ පිටිකිරි දෙදදී මන්ත්‍රිවරුන් ප්‍රෙෂ් මිල්ක් හෝ කල්කිරිදීම මම සැලකුවා බලු වැඩක් විදිහට.

ඒ නිසා අපිට මේ පොලිස් ගැරිජ් වලින් තෙල් ගහන්න ඕන නෑ. මේක මහා පාහර තුච්ච වැඩක් කරුණාකර මන්ත්‍රීවරුන්ට එහෙම දෙන්න එපා. අපිට ඕන නෑ. කරුනාකර ඒක නවත්වන්න. මේ වැඩේ කරන්න දෙන්න එපා. 121 ට නෙමෙයි නිකන්වත් එපා. සල්ලිවලටත් එපා. පේලියෙන් පිට ඕන නෑ. මට තෙල් නැතිව නුවර යන්න බැරිවුණා මගුල් ගෙදරකට. කරුණාකරලා  අපිට විශේෂ වරප්‍රසාද එපා.”



Recommended Articles