මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඉල්ලුවා


මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඒ අනුව ඔවුන්ගේ නිවෙස්වත ලබාදි ඇති ආරක්ෂාව මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා පිටව යාමේදී ලබාදෙන ආරක්ෂාව වැඩි කරන ලෙස තමන් ඉල්ලා සිටින බව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ පිළිබඳව දැනුම් දුන් බව මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය. 



Recommended Articles