පාර්ලිමේන්තුවේ 225ක් අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට කළ ප්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය බවත් එම මතය තුළ තමන් අදත් එළෙසින්ම සිටින බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුයේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අමතා ඔහු මෙම ප්‍රකාශ කර තිබේ.
එහෙත් පාර්ලිමේන්තු සම්ප්‍රදයාට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් ලෙස තමන් රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර අග්‍රාමාත්‍යධූරය ලබාදීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය කාලයේදී තමන් ගත් සියලු තීරණ රටේ ඉහළම නීති විශාරදයන්ගේ උපදෙස් අනුව ගත් බවත් එය රටේ සද්භාවය වෙනුවෙන් ගත් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමේ කිසිඳු අයහපත් චේතනාවක් නොතිබුණ බවත් ඔහු සඳහන් කර තිබේ.