මන්ත්‍රීවරු නම් නොකළොත් එජාපයේ හා අපේ ජනබලයේ ආසන හිස්


එක්සත් ජාතික පක්‍ෂයට සහ අපේ ජනබල පක්‍ෂට හිමිව ඇති ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සඳහා මන්ත්‍රීවරුන් ලබන 20 වැනිදා තෙක් නම් නොකරන්නේ නම්, එම පක්‍ෂවලට අයත් ආසන හිසිව තැබීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

'අද' පුවත්පත කළ විමසීමකදී පාර්ලිමේන්තු මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

මේ අතර මෙවර මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මේ වනවිට සිරගතව ඇති බවත්, අධිකරණයේ අවසරය ඇතිව ඔවුන්ට නව පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව පවතින බවත් හෙතෙම පවසා සිටියේය.

එසේම නව පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා රැස්වීමට නියමිත අතර, සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එදින සියලු වැඩ කටයුතු සිදුකරන බව ධම්මික දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්‍රේමලාල් ජයසේකර හා ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දැනට සිරගතව සටිති.



Recommended Articles