මධූෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට


ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය අපරාධකාරයෙකුව සිටි මධූෂ් නැමැත්තාගේ ගෝලයෙකු බව කියන විසිනව හැවිරිදි වියේ පසුවන රංග නැමැත්තා ද, ඔහුගේ තිස්අට හැවිරිදි අනියම් බිරිඳ ද, තවත් පුද්ගලයින් හය දෙනෙක් ‘අයිස්’ නැමැති මත්ද්‍රව්‍ය හා ගංජා ද සමග රත්නපුර ඉඳුරුව ප‍්‍රදේශයේ දී දියනාමින් සිටිය දී රත්නපුර විශේෂ කාර්යංශය විසින් කළ දැනුම්දීමක් මත 27දා සවස සිරිපාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හෙයින්තුඩුව ප‍්‍රදේශයේ පදිංචි මෙම ‘රංගන’ නැමැත්තා අපරාධ නඩු පහක් සම්බන්‍ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත්ව ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය පැවසුවේය.

අජිතලාල් ශාන්ත උදය



Recommended Articles