මධූෂ් සමග අත්අඩංගුවට පත් නළු රයන් ඇතුළු 5ක් පිටුවහල්


මාකදුරේ මදූෂ් සමග ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවට පත් ජනප්‍රිය නළු රයන් වැන් රෝවන් ඇතුළු තවත් පස් දෙනෙකු අද (04දා) කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්විය.

 ඔවුන් අද අලුයම 5.25 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණි.

මෙම පිරිස අතර රයන්ට අමතරව චරිත පත්මන් , වලිපිටියගේ සුරාජ් කාවින්ද්‍ය සිල්වා , පතමෙස්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා සහ මොහොමඩ් කුතුබ්ඩීන් මොහොමඩ් වසීම්ඩීන් යන අයවූහ.

ටී.‌ෙකේ.ජී. කපිල



Recommended Articles