මධ්‍යම පාන්තිකයන්ට නිවාස හදන්න බිලියන 25ක ණයකර නිකතුවක්


රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියතු මධ්‍යම පාන්තික ආදායම්ලාභී සේවකයන් සඳහා ඔවුන්ගේ ආදායමට දැරිය හැකි නිවාස ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අව්‍ය්‍ය මූලික ප්‍රාග්නය සලසා ගැනීම සඳහා වසර 05ක කාලයක් සඳහ වලංගු රුපියල් බිලියන 25ක ණයක නිකතුරවක් නිරකිරීමට නියමිතය.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලබන නිවාස විකිණීමෙන් ලැබෙන ආදායම මගින් ණයකර පියවීමටත් එම නිවාස මිලදී ගැනීම පිණිස අදාළ ගැනුම්කරුවන් වෙත අවුරුදු 25-30 ක කාල සීමාවක් සඳහා සහන පොලී අනුපාතයක් මත රාජ්‍ය බැංකු මගින් නිවාස ණය ලබාදීමටත් අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles