මධ්‍යම පළාතේ සමස්ත ආසාදිතියින් 23,178ක්


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් ඊයේ (14) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 316 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව  23,178 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 12,100කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6,104දෙනෙකු ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,974 දෙනෙකු ද  මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් ඊයේ (14) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 316කි. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 127ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 116ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 73ක් ලෙසිනි.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 508ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 337ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 86ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 85 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles