මධ්‍යම පළාතේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 22,169 ක් දක්වා ඉහළට


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් ඊයේ (11) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 400 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව  22,169 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 11,805කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,546දෙනෙකු ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,818 දෙනෙකු ද  මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් ඊයේ (11) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 400කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 233ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 133ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 34ක් ලෙසිනි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles