මධ්‍යම පළාතේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 19,200 ඉක්මවයි


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව (01) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 317ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව  19,200 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කරයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 10,352කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,499 දෙනෙකුද  මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,349 දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් අද (01) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 317කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 145ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 99ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 73ක් ලෙසිනි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles