මධ්‍යම පළාතේ කෝවිඩ් මරණ සංඛ්‍යාව 600 ඉක්මවයි


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් මේ දක්වා වාර්තාවන සමස්මත කෝව්ඩ් මරණ සංඛ්‍යාව හයසියය ඉක්මවා වාර්තාවීම අද (25) දින සිදු විය.

ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් මරණ 395ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් මරණ 102ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 105 ක් ලෙසින් වාර්තා වීමත් සමඟ ය. 

ඒ අනුව මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 602ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම පළාත තුළින් ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව මරණ සංඛ්‍යාව 08 ක් වන අතර එම මරණ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles