මධ්‍යම පළාතේ කොවිඩ් මරණ 630 දක්වා ඉහළට


මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ අද 28 වන විට 630 ක් වාර්තා වී ඇති  බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව අද 28 වනදා වන විට මධ්‍යම පළාතෙන් කොවිඩ් ආසාදිත මරණ 630 ක් වාර්තා වී ඇති බවත්  මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 403 මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ  105  ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 122  ක් වශයෙන්  මෙම මරණ 630    වාර්තා වී ඇති බවද මධ්‍යම පළාත්  සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර  පැය 24 ක් තුල මධ්‍යම පළාතෙන් මරණ 10 ක් වාර්තා වී ඇති බවත්  එම මරණ අට මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ අටක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ දෙකක්ද වශයෙන් වාර්තා වී ඇති බවත් සෞඛ අංශ කියයි.

මහනුවර මොහොමඩ් ආසික්



Recommended Articles