මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5201 දක්වා ඉහළට


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 72ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (08) වන විට 5201ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් තවමත් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 3329කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1131දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 741 දෙනෙකු ද වාර්තා වී ඇත.

අද (08) පෙරවරු 6.00  දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 72කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 41ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 06ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25ක් ලෙසිනි.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ 36ක් දක්වා කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 26 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 07 හා  නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 02 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles