මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3548ක් දක්වා ඉහළට


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින්  මේ දක්වා වැඩිම නව ආසාදිතයින් 184ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (22) පෙරවරු 6.00 වන විට  3548ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් තවමත් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 2303කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 757 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 488 දෙනෙකු ද වාර්තා වී ඇත.

අද (22) පෙරවරු 6.00  දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 184 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 109ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 61ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 14ක් ලෙසිනි.

මේ දක්වා වාර්තාවී ඇති මරණ 24 ක් වී ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 18 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 04 ක් හා  නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 02 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 420කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 278කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 202කි.

මේ අතර මධ්‍යම පළා‍තේ ක්‍රියාත්මක කො‍රෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන අටක අද (22) දින 6.00 වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1070කි. පැය 24 ක කාලය තුළ රෝගීන් 106ක් ඇතුළත් කර ඇති අතර සුව ලබා පිටවූ සංඛ්‍යාව 99කි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles