මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයින් ගණන 4000 ඉක්මවයි


මධ්‍යම පළාතේ වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව හාරදහස ඉක්මවීම අද දින (27) දින වාර්තා වි ඇත.

ඒ අනුව මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 74ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 4061ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් තවමත් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 2577කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 900 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 584 දෙනෙකු ද වාර්තා වී ඇත.

අද (27) පෙරවරු 6.00  දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 74 කි. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 34ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 22ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් 18ක් ලෙසිනි.

මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය ආසාදිතයින් 441 මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 369ක් ද පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 260 ක් ද  වාර්තා වේ.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ 29ක් දක්වා වර්ධනය වී ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 22 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 05 හා  නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 02 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles