මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයින් ගණන 3365ක් දක්වා ඉහළට


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 112ක් වාර්තා විමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (21) පෙරවරු 6.00 වන විට  3365ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් තවමත් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 2194කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 743 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 428 දෙනෙකු ද වාර්තා වී ඇත.

අද (21) පෙරවරු 6.00  දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 112 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 48ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 32ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 32ක් ලෙසිනි.

මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 420කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 278කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 157කි.

මේ දක්වා වාර්තාවී ඇති මරණ 24 ක් දක්වා වර්ධනය වී ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 18 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 04 හා  නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 02 ක් ලෙසින් මෙම මරණ වාර්තා වේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles