මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයින් ගණන 3086ක් දක්වා ඉහළට


මධ්‍යම පළාතේ කොවිඩ් -19 නව ආසාදිතයින් සංඛ්‍යාව  40  දෙනෙකු අද (18)  පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තාවී ඇති අතර ඒ අනුව මධ්‍යම පළාතින් මේ දක්වා වාර්තා වී තිබෙන කොවිඩ්  ආසාදිතයින් සංඛ්‍යාව 3086 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 2039 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 700 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347 දෙනෙකු ද වාර්තා වී ඇත.

ගතවූ පැය 24 ක කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් 24 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 10 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 06 ක් ලෙස නව ආසාදිතයින් 40ක් වාර්තා වී තිබේ.

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කරනු ලබන මධ්‍යම පළාතේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හතක ඊයේ (18) පෙරවරු 6.00 වන විට ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව 1075 කි.

මේවන විට මධ්‍යම පළාතින් කොවිඩ් මරණ 23 ක් වාර්තා වී තිබෙන බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තුමේන්තුව පවසයි. මහනුවරින් 17 ක් හා මාතලෙන් 04 ක් හා නුවරඑළියෙන් 02 ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles