මධ්‍යම පළාතේ කොවිඩ් 19ආසාදිතයින් සංඛ්‍යාව 1300 ඉක්මවයි


මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව එක්දහස් තුන්සීය ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද 22 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1317 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 39 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 22 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16 ක් හ මාතලේ දිස්ත්‍රික්කයෙන් 01ක් රෝගීන්  වශයෙනි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 855 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 363 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු ද වාර්තා වී ඇත.

මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 260කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 152කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 17 කි. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 04 ක් වන අතර සියල්ල මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles