මධ්‍යම පළාතේ කොවිඩ් මරණ 725ක් දක්වා ඉහළට


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 725ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 463ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 119ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 143ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

මධ්‍යම පළාත තුළින් ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව මරණ සංඛ්‍යාව 12ක් වන අතර එම මරණ  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

 



Recommended Articles