මධ්‍යම පළාතේ ආසාදිතයින් ගණන ඉහළට


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව  31,059 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 16,629 කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6,130 දෙනෙකුද  නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 8,300 ද මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් ඊයේ (‍27) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යා 131කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 81ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 16ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 34ක් ලෙසිනි.

 



Recommended Articles