මධ්‍යම පළාතේ ආසාදිතයින් 29,258 ඉක්මවයි


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ්  ආසාදිතයින් සංඛ්‍යාව අද (09) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 161 ක් වාර්තාවිමත්  29,258 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 15,671 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7,927 දෙනෙක් ද  මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,660 දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් අද ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 161 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 107ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 52 ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 02 ක් ලෙසිනි.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 739ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 474 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 119 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 146 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

 

 

 

 



Recommended Articles