මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම මසකට අත්හිටුවයි


කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතු කොටගෙන මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කාර්යය හෙට (27) සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමි තෙන්නකෝන් මහතා පැවසීය.

ඒ අනුව අදාළ කාල වකවානුව තුළ දඩ මුදල් අය නොකිරිමට පියවර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අදාළ පොලිස්ථාන දැනුවත් කිරිමට කටයුතු යොදා ඇති බවත් සඳහන් වෙයි.

 



Recommended Articles