මධ්‍යම පළාතෙන් කෝවිඩ් ආසාදිතයන් 28,316ක්


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (02) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 277ක් වාර්තාවිමත්  28,316 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 15,162 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7,629දෙනෙක් ද  මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,525 දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් අද (02) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 277 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 187ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 80 ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 10 ක් ලෙසිනි.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 686ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 434ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 114ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 138ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

මධ්‍යම පළාත තුළින් (02) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව මරණ සංඛ්‍යාව 03ක් වන අතර එම මරණ මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් 01 බැගින් වාර්තා වේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles