මධ්‍යම පළාතෙන් කෝවිඩ් ආසාදිතයන් 25,408ක්


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (01) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 270 ක් වාර්තාවිමත්  25,408 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 12,344 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7,549 දෙනෙක් ද  මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,515 දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් අද (01) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 270 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 133ක්,  නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 88 ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 49 ක් ලෙසිනි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles