මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 508ක්


මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති අවසන් කෝවිඩ් ආසාදිත වාර්තාවට අනුව මධ්‍යම පළාතෙන් වාර්තා වී ඇති කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 316 කි .

ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 127ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් 116ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 73ක් වශයෙනි . ඒ අනුව මධ්‍යම පළාතෙන් වාර්තා වී ඇති සම්පූර්ණ කෝවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව23178 කි .

මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 12,100කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6104 ද මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4974 ද වාර්තා වී තිබෙන අතරමධ්‍යම පළාතෙන් වාර්තා වී ඇති සම්පූර්ණ මරණ සංඛ්‍යාව 508 කි .

ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන්337ක්ද මාතලේ දිස්ත්‍රික්කයෙන් 86ක්ද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්85 ක්ද වශයෙනි .

ෂේන් සෙනෙවිරත්න 

 

 



Recommended Articles