මධ්‍යම දමිල පාසල්වලට සඳුදා නිවාඩු


ලබන 12 වැනි ඉරු දිනට යෙදෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලු දමිළ පාසල් වලට ලබන සදුදා (13) නිවාඩු දිනයක් වශයෙන් නම් කිරීමට මධ්‍යම පළාත් පියවර ගෙන තිබේ .

විවිධ පාර්ශවයන්ගෙන් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා එසේ ලබන සදුදා (13) දින දමිළ පාසල් වලට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ ද සෙනසුරාදා (18) දින ඒ වෙනුවට අතිරේක දිනයක් වශයෙන් පාසල් පැවැත්වීමට නියම කොට තිබේ .

 



Recommended Articles