මධ්‍යම කඳුකරයට තවදුරටත් වැසි


ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (05) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ  වාන් දොරටුවක් අද දිනඋදැසන සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත.

තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියවම විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලලෙන් සිටින ලෙස නුවරඑළිය අපදා කලමණාකාරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඩෙවොන් සහ සෙන්ක්ලෙයාර් දිය ඇලි වලද ජල ධාරිතාව ඉහල ගොස් ඇත.

 



Recommended Articles