මධ්‍යම කඳුකරයට තද වැසි


මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පෝෂක ප්‍රදේශවලට  ධාරානිපාත වර්ෂාව ඇද හැළුණි.

ජලවිදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට මෙසේ අධික වර්ෂාව ලැබීමත් සමග මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණි.

ජලාශ පිහිටි ප්‍රදේශ වලට පසුගිය කාලයේ ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මේ වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන  ජලාශ දෙකේ ජල මට්ටම 70% දක්වා පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ගාමිණී බණ්ඩාර



Recommended Articles