මධ්‍යම ආසාදිතයින් 7919ක්


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 19ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 7919 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් තවමත් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 5074කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  1577දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1268දෙනෙකු ද වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 19කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 10ක්, මාතලේ දිස්ත්‍රික්කයේ 01ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 08 ක් ලෙසිනි.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ 79 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 56ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 11  ක් හා  නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 12 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles