මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග


මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාල වී තිබේ.  ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම, මහජන පොළ භූමියේ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා එසේ නියම කළේය.

 සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ඉල්ලීමට අවධානය යොමු කළ ජනාධිපතිවරයා පාසල් වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක  සහන කාලයක් ප්‍රදානයට එකඟතාව පළ කළේය.

නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රිඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටු කරන මෙන් ජනාධිපතිවරයා  යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නේය.

විදුහල්පතිවරයා ඇතුළු සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස්කරන බව දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා  පැවසීය. 

 

 



Recommended Articles