මධ්‍යම අධිවේගයේ පළමු පැය 12 තුළ ආදායම ලක්ෂ 28 පනී


මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ රුපියල් 2,805,100 ක ආදායමක් උපයා තිබේ.

ඒ ඊයේ(16දා) දින දහවල්  12.00 සිට රාත්‍රී 12.00 දක්වා  කාලය තුළ මෙම ආදායම උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම කාලය තුළ වාහන 13,583 ක් මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය කර තිබේ.

             



Recommended Articles