මධ්‍යම අධිවේගයේ ඉන්ධන ජාවාරමක නිරතවූ 7ක් අත්අඩංගුවට


මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතුවල නිරත ආයතනයන්ගෙන් ඉන්ධන සොරාගෙන වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් 07 දෙනෙකු වේයන්ගොඩ, වඳුරව දුම්රියපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඌව පැල්වත්ත, කඩවත, වේයන්ගොඩ, බණ්ඩාරගම, දෙහිඅත්තකණ්ඩිය හා මාතර ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 07 දෙනෙකු එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කර සිටියේය.



Recommended Articles