නොවැම්බර් මාසයේ පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය කොංග්‍රසයේ මණ්ඩල දෙකම ජයග්‍රහණය
කළහොත් සෑම වැඩිහිටි ඇමරිකානුවෙකුටම ඩොලර් 5,000 (පවුම් 3,700) ක දීමනාවක් ලබා දෙන බව ඇමරිකානු ජනාධිපති
ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.එය ක්‍රියාත්මක වන ආකාරය හෝ අරමුදල් සපයන ආකාරය පිළිබඳ විස්තර ජනපතිවරයා ඉදිරිපත් නොකළේය.
කෙසේ වෙතත් එම මුදල් එක්සත් ජනපදයේ වියදම් කිරීමට සිදුවන බව පමණක් පැවසීය. උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පැවැසුවේ
තීරුබදු භාවිතයෙන් එක්සත් ජනපද රජය සඳහා රැස් කර ඇති ආදායමට මෙම සැලැස්ම සම්බන්ධ කර ඇති බවයි.
ඩිමොක්රටික් පක්ෂය එය "හිස් පොරොන්දුවක්" ලෙස පැවැසූ අතර තවත් සමහරු එවැනි පොරොන්දුවක් නීත්‍යානුකූල දැයි ප්‍රශ්න
කළහ.ඇමරිකානු වැඩිහිටියන් මිලියන 270 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, එයින් අදහස් කරන්නේ ඩොලර් 5,000 ක ගෙවීමක්
සඳහා එක්සත් ජනපද රජයට ඩොලර් ට්‍රිලියන 1.3 ක් පමණ වැය වන බවයි.


