මතීෂ වෙනුවට ඩිල්ෂාන් කණ්ඩායමට


විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මධුසංක කණ්ඩායමට එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන‌යේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

 ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය 16 වනදා පැවැති තරගයේදී වම් පාදයේ කලවා ප්‍රදේශයේ ආබාධයක් ඇතිවීම හේතුවෙන් මතීෂට තරගාවලියෙන් ඉවත් විමට සිදුව තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වූ වනිඳු හසරංගටද ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

 



Recommended Articles