මත්ස්‍ය හා ආශ්‍රිත සැකසුම් ආනයන පිරිවැය පහළට


මත්ස්‍යයින් සහ  ඒ ආශ්‍රිත  සැකසුම් ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2025)  මුල් මාස හතර තුලදි ( ජනවාරි- අප්‍රේල්) ඇමරිකානු ඩොලර් මිලියන 34.3ක මුදලක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ඉකුත් වර්ෂයේ (2024 ) මුල්මාස හතර තුලදි මත්ස්‍යයින් සහ  ඒ ආශ්‍රිත  සැකසුම් ආනයනය කිරිම සදහා  ඩොලර් මිලියන 39.3ක මුදලක් වැයවි තිබුණි. ඉකුත් වර්ෂයේ මුල් මාස හතරට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස හතර තුලදි මත්ස්‍යයින් සහ  ඒ ආශ්‍රිත  සැකසුම් ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල රුපියල්  ඩොලර් මිලියන 05කින් එනම් සියයට 12.7කින්  අඩුවි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.

 කෙසේවුවද  මෙම වර්ෂයේ මුල්මාස තුන තුලදි මත්ස්‍ය නිෂ්පාදනය  කිලෝග්‍රම් මිලියන 102.3 දක්වා  සියයට 5.7කින්  අඩුවි ඇත. 2024 වර්ෂයේ මුල්මාස තුන තුලදි මත්ස්‍ය නිෂ්පාදනය  කිලෝග්‍රැම් මිලියන 108.5කි.

චන්දන සමරවික්‍රම

 



Recommended Articles