මත්පැන් බෝතලයක් සොරාගත් රුසියන් ජාතිකයෙක් අත්අඩංගුවට


රුපියල් 65000/=  ක් වටිනා විදේශීය මත්පැන් බෝතලයක් සොරාගත් රුසියන් ජාතිකයෙකු  අත්අඩංගුවට ගත් බව  මීගමුව පොලිසිය කියයි.

මීගමුව කුරණ හෝටල් හිමි ව්‍යාපාරිකයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර රුසියන් ජාතිකයා   හෝටලයේ නවාතැන්ගෙන  සිටියදී විදේශීය මත්පැන් බෝතලය සොරාගත් බවට  ව්‍යාපාරිකයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කල බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර රුසියන් ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මීගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි



Recommended Articles