මත්පැන් බවට සැක දියරයක් පානය කළ 05ක් මරුට


වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් බවට සැකකෙරෙන දියරයක් පානය කිරීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම දියරට පානය කළ බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු නිවසක් තුළ තිබියදී සොයා ගෙන ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවු තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව  ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය පැවසීය.



Recommended Articles