මත්ද්‍රව්‍ය සාදයක් වටලා 11ක් අත්අඩංගුවට


නවගමුව පොලිස් වසමේ නාගහවත්ත පාර රණාල ප්‍ර දේශයේ නිවසක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට ලද තොරතුරක් මත කළ වැටලීමකදී එම සාදයට එක්ව සිටි සැකකරුවන් 7ක් හා සැකකාරියන් 04ක් අත්අඩංගුවට ප ගත් බව පොලීසිය කියයි.

නවගමුව පොලිස් ස්ථානය මගින් මෙම වැටලීම සිදුකර තිබුණ අතර සැකකරුවන් සන්තකයේ තිබී අයිස්  මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6.85ක් පොලීසිය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයන් අවුරුදු  28-48 අතර පසුවන රනාල, බියගම, මරදාන, හෝකන්දර, අතුරුගිරිය, වත්තල හා කඩුවෙල පදිංචිකරුවන් වෙයි. අද පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබුණි.



Recommended Articles