මත්ද්‍රව්‍ය සමඟ කෝට්ටේ නගර සභා සේවකයෙකු අත්අඩංගුවට


රුපියල් හත් හත්ලක්ෂ පනස් දහසකට ආසන්න වටිනාකමින් යුත් , අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමඟ , ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ  කම්කරුවෙකු  අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි  " "සුදු පුතා " නමින් හඳුන්වන පුද්ගලයකු බව පොලිසිය කියයි.

වැලිකඩ පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව , මොරගස්මුල්ල හන්දිය ආසන්නයේ ත්‍රීරෝද රථ ගාලක සිටියදී , සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 , සහ හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100 සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි .

එහි වටිනාකම රුපියල් 7,50,000 ආසන්න බව පැවසේ.

ඒ අනුව අත්අඩංගුවට ගත්  සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ,  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ සේවකයින්ට හා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සේවකයින්ට කලක සිට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සරුවට කරහෙන විත්  ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි .

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සේවකයෙකු සතියකට වරක් පැමිණ අයිස් සහ හෙරොයින්  ග්‍රෑම් 100 ක් පමණ රැගෙන යන බවට ද තොරතුරු  අනාවරණය වී තිබේ .

කොස්වත්ත ප්‍රදේශයේ සහ අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුගේ අයිස් සහ හෙරොයින්  මිලදීගෙන වසර පහක පමණ සිට මෙම ජාවාරම කරගෙන විත් ඇති බවත් ,  ඒ කාලය තුළ එක් අවස්ථාවකදී හෝ පොලීසියට හසු වී නොමැති බවත්  පැවසේ .

අයිස් පානයට තදින් ඇබ්බැහි වූ සැකකරු මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය



Recommended Articles