මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන පිරිස් සොයන්න මෙහෙයුම්


මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට ඊයේ (09) දින සිට මෙහෙයුමක් දියත් කර ඇත.

විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමගාමිව හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ වැටලිම් ඒකකයේ සහ හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරින් එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇත.

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ ස්ටුවඩ් සුනඛයාගේ සහයෝගය ඇතිව හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ සහ දුෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි ශ්‍රි පාද වන්දනාවේ වාහන වලින් සහ බස් රථ වලින් පැමිණෙන වන්දනාකරුවන් පරික්ෂාවට ලක් කරන අතර,  එම පරික්ෂාවේදි ඊයේ (09) දින ගංජා සහ තිරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වැටලිම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ.

මෙම මෙහෙයුමට සමගාමිව මත්ද්‍රව්‍ය රැගෙන දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරින් දුම්රිය ස්ථානයේදි මෙහෙයුමක් දියත් කර ඇත.



Recommended Articles