නාවික හමුදා නිලධාරීන් විසින් කල්පිටිය මුහුදු තීරයේදී, සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී පොහොර උර 03 ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63යි ග්‍රෑම් 718ක් හා හෙරොයින් කිලෝ 14යි ග්‍රෑම් 802ක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇත.

