ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අද (12) උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ යාත්‍රාව සමඟ සැකකරුවන් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඔවුන් වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වර්ගය සහ ප්‍රමාණය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට නියමිතය.

