මත්ද්‍රව්‍ය තොගයක් සමග ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට


රාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

එම ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් නිවේදනය කරයි.



Recommended Articles