මත්ද්‍රව්‍ය ජාවාරමේ ’මෝරෙක්’ අල්ලයි


මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු වන මානගේ සුමුදු දුෂ්මන්ත නොහොත් රංග නැමැත්තා හෑෂ් මත්ද්‍රව්‍ය  හා පිල් වර්ගයේ නීති විරෝධී මත්පෙති සමග ගනේමුල්ලේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 

එම සැකකරු සමඟ හෑෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 6670 ක් පිල් නැමැති නීති විරෝධී මත් පෙති 45 ක් සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකපිට සුඛෝපභෝගී  ජීප් රථයක් හා යතුරුපැදියක් සහ පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 37 ක පුද්ගලයෙකි. සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමින් මිලදී ගත් බව කියන නිවාස හතරෙන්  නිවාස දෙකක් බිරිඳගේ නමිනුත් තවත් නිවාස දෙකක් බිරිඳගේ පියාගේ නමිනුත් මිලදීගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී 2006 වසරේදී සිට 2015  දක්වා මත්ද්‍රව්‍ය  ජාවාරම සිදුකර ඇත්තේ දෙමටගොඩ  චමින්ද  හා සරත් බණ්ඩාර නොහොත් එස් එෆ් සරත් නමැත්තා සමග බව විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි

පසුව හෙම්මාතගම රියාල් නමැත්තා සමග එක්ව අයිස් සහ හොරයින් මත්කුඩු ජාවාරමේ නිරතව ඇති බවත් මේ වන විට මාලිගාවත්ත ප්‍රදේශයේ බායි නැමැති පුද්ගලයෙකු සමග එක්ව පිල් මත්පැති සහ හෑෂ් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි

සැකකරු  මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles