මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ රුපියල් ලක්ෂ 4,900ක් හැසි​ර වූ පුද්ගලයා අත්අඩංගුවට


හෙරොයින් ග්‍රෑම් 09 මිල ග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගත් රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරධකරුවෙකු විවිධ පුද්ගලයින් වෙත හෙරොයින් බෙදා හැරීම සිදු කරන බවත් ජාවාරමෙන් උපයා ගත් මුදල් එවුන් විසින් බැංකු ගිණුමක් වෙත බැර කර ඇති බවද අනාවරණය වෙයි.

සිදුකල විමර්ශනවලදී මෙම ගිණුම හරහා රුපියල් ලක්ෂ 4, 900 ක පමණ මුදලක් පරිහරණය වී ඇති බව​ද අනාවරණය වී ඇ​ත.

මෙම විමර්ශනවලට අදාළ ගිණුම් හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ටාසව මඟින් විමර්ශන සිදු කරමින් සිටිය දී එම ගිණුම හිමි පුද්ගලයා ඊයේ (17) දින සවස 3.30ට පමණ නීතිඥයෙක් මාර්ගයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණ ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇ​ත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වු ගල්වත්ත බුත්තල හා තුඩුව පාර, දොම්පේ, පිළියන්ද යන ලිපිනවල පදිංචි අයෙකු වන අත​ර මොහු වැල්ලවාය ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක සහකාර තත්ත්ව කළමනාකරුවෙක් ලෙස සේවය කරන අයෙකු ​වේ.



Recommended Articles