මත්ද්‍රව්‍ය ජාවාරමත් සමග හැප්පෙන්න තීරණය කළා


මත්ද්‍රව්‍ය ජවාරාම සමග හැප්පෙන්න රජය තීරණය කර තිබෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.  රටම එකට' ජාතික මෙහෙයුම  ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

"අපි අද එක්වෙලා සිටින්නේ මේ මායාකාරී ව්‍යවසනය පරාජය කිරීමේ අරමුණින්. අපි දන්නවා මේ ව්‍යවසනය කොච්චර ගැඹුරුද,
විනාශකාරිද කියලා. අපේ දරු පරම්පරාව, අපේ සමාජය මේ මායාකාරි විනාශයේ ගොදුරු බවට පත්ව තිබෙනවා. මෙය අද 
මේ මොහොතේ ඇතිවුණ අභියෝගයක් නෙමෙයි. 

දශක ගණනාවක් ක්‍රමිකව වර්ධනය වූ මේ අභියෝගය සමාජ දේහයම ගිලගන්න තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. මේ මංසන්ධියේදී
නිශ්චිත ලෙස අපිට තොරා ගත හැකි මාවත් දෙකයි. එක පැරණි මේ දේ මේ විදිහටම සිදුවෙන්න දීලා පාඩුවේ බලා ඉදලා යමක්
 කරන එක. එහෙම නැත්නම් දෙවැනි මාවත මෙයට එරෙහිව හැප්පෙන එක. මමත් අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පෙන්න තිරණාත්මක තින්දුවක් අරන් තිබෙනවා. මේ ව්‍යවසනය දරුවන් ගිල ගෙන තිබෙනවා." 



Recommended Articles