මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට


මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීමේ චෝදනාව මත දොම්පෙ පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනියුක්ත ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි.

සැකකාර නිලධාරියාගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

 



Recommended Articles