මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති පොලිස් නිලධාරින්ට වහාම එම ජාලයෙන් ඉවත් වන ලෙසට සඳහන් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට අවශ්‍ය නම් පොලීසිය සුද්ද කළ යුතු බවට ජනතාව අතර මතයක් පවතින බවත් එය සත්‍යයක් බවත් ජනපතිවරයා පැවැසීය.
රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
"වහාම මේ කාර්යයෙන් ඉවත් වෙනු. නැත්නම් අපි ඉවත් කරනවා" යැයි ජනපතිවරයා පැවැසීය.
එසේම මත්ද්‍රව්‍ය ජවාරමට පහසුකම් සපයන සියලුම රාජ්‍ය නිලධාරින්ට ඉන් ඉවත් වීමට සඳහන් නොකරන බවත් නැන්තම් ඉවත් කරන බවත් ජනපතිවරයා පැවැසීය.


