මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 193ට අධික තොගයක් සමග පුද්ගලයන් 05ක් නාවික හමුදා භාරයට


හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 193ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයන් 05ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.


නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල  මෙහෙයුමකදී එම පිරිස  ඊයේ(24දා) නාවික හමුදා භාරයට ගෙන ඇත.

එහිදී උර 11ක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 කට අධික තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172  අධික තොගයක්  සොයාගෙන තිබේ.

 

 



Recommended Articles